30 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජිනි කාන්ත් ඉන්දියාවට යද්දී යළි කටුනායක නවතී

රජිනි කාන්ත් ඉන්දියාවට යද්දී යළි කටුනායක නවතී

දකුණු ඉන්දීය ජනප්‍රිය සිනමා නළු රැජිනි කාන්ත් මාලදිවයිනේ සිට ඊයේ (26) දහවල් යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

රැජිනි කාන්ත් ඊයේ (26) දහවල් 11.20ට මාලදිවයින සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ “ගෝල්ඩ් රෑට්” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියේය.

ඔහුව ඉතා උසස් අන්දමින් පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ සේවිකාවන් පියවර ගෙන තිබූ අතර මද වේලාවකට පසුව ඔහු ඉන්දියාවේ චෙන්නායි බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.

රැජිනි කාන්ත් මහතා මීට පෙර දිනද මාලදිවයින බලා යන අතරතුර කටුනායකගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පිවිස තිබුණි.