24.5 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය නිලධාරීන් ඇඟිලි සලකුණු තැබීම අනිවාර්යයි

සෞඛ්‍ය නිලධාරීන් ඇඟිලි සලකුණු තැබීම අනිවාර්යයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කර තිබේ.

මෙම නව නීතිය අගෝස්තු 01 වැනිදා සිට ක්‍රියාත්මකය.

මීට අදාළ ලිපිය සියලු අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සියලු ප්‍රධාන මූල්‍ය නිලධාරින් වෙත නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ මෙතෙක් කල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරින් රාජකාරි සදහා වාර්තා කිරීමේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර ක්‍රමයක් නොතිබුණු අතර මෙවැනි තීරණයක් වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවට පටහැනි බවයි.