― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඕනෑම මැතිවරණයකට අපි සූදානම් - විපක්ෂ නායක

ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – විපක්ෂ නායක

වර්තමානයේ රට තුළ සමාජ මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රජයක් නොමැති තත්ත්වයක් මත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දූෂණය සහ වංචාව ඉහළ ගොස් ඇති අතර අස්වැසුම පෝලිමේ පවා ජනතාවගේ ජීවිත අහිමි වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටී ඇති බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ගුරු උපදේශකවරුන් සමග අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක් වෙමින්.

ණය බරින් ජනතාව මිරිකී ඇති මොහොතක රජයේ හොරකම, වංචාව සහ දූෂණය ඉස්මතු වී ඇති අතර දුර්වල රාජ්‍ය පාලනයත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙලසමින් මැතිවරණ කල් දැමීමත් තුළ ජන ජීවිතය පීඩාවට පත්ව ඇති බවයි ඔහු කියාසිටියේ.

මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව පත්ව සිටින දුකින් මුදවා ගැනීමට නොහැකි නම් නව වරමක් සඳහා යා යුතු බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා.

එකී ජන වරම තුළ නව ජාතික ප්‍රතිපත්තියක් තුළින් රටේ ඉලක්ක සපුරා ගත හැකි බවයි සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට සූදානම් බැවින් ජනතාව ඉල්ලා සිටින මැතිවරණ අයිතිය ලබා දිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.

අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ස්වෛරීත්වය, පරමාධිපත්‍යය සහ ජන වරම බවත් රජයට රට ගොඩ ගැනීමට නොහැකි නම් ජන වරමකට යා යුතු අතර එම ජනතා අධිකරණය ඉදිරියට යාමට සමගි ජන බලවේගය සුදානම් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.