27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ තැන් 10කට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක්

කොළඹ තැන් 10කට ඇතුල්වීම තහනම් කරමින් නියෝගයක්

වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනෙකුට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළඹ ලිප්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (28) පැවැත්වෙන විරොධතාවන්ට අද පෙරවරු 10.30 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුළු ස්ථාන 10ක් අසළ උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් මෙම ආඥාව නිකුත් කර ඇත.

දුමින්ද නාගමුව, රොෂේන් සමීර, ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජගත් ධම්මික මුනසිංහ, තැන්නේ ඥාණානන්ද හිමි, ජේ බී ගුරුසිංහ, චින්තක රාජපක්ෂ, නයනා රංජනී, නිලාන් ප්‍රනාන්දු, ළහිරු චතුරංග වීරසේකර, විදර්ශන කන්නංගර යන පිරිසට මෙලෙස තහනම් නියෝග නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මරදාන පොලිස් වසමේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල, හදිසි අනතුරු ඒකකය, හදිසි ප්‍රතිකාර ඒකකය, ඇස් රෝහල හා ප්‍රධාන රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉදිරිපිට හා ඒ අවට පිහිටා ඇති රෝහල් කටයුතුවලට බාධන වන පරිදි ඩීන්ස් පාර, කිංසි පාර, ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මාර්ග පදිකවේදිකා අහුරමින් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මෙම අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.