26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජාතියක් ලෙස නැගිටින්න විනයගරුක දරුවෝ අවශ්‍යයි

ජාතියක් ලෙස නැගිටින්න විනයගරුක දරුවෝ අවශ්‍යයි

ජාතියක් ලෙස නැඟී සිටීමට නම් ඒ සඳහා විනයගරුක තරුණ පරම්පරාවක් බිහි විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලෝකයත් සමඟ ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකාවට තාක්ෂණය අතින් සම්පූර්ණ වෙනසක් අවශ්‍ය කර තිබෙන බවයි.

අද වනවිට ලෝකයේ තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය දක්වා ගමන් කර ඇති බවත් ඊට සමගාමීව ලංකාව සිටින්නේ බොහෝ පිටුපසින් බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ආර්ථික වශයෙන් මෙන්ම තාක්ෂණික වශයෙන්ද ලෝකය ජයගත යුතුව තිබෙන බවත් මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය තමා සතුව තබාගෙන ඊට අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් තිබෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.