27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජූලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස වාර්තා අතරට

ජූලි මාසය ලොව උණුසුම්ම මාසය ලෙස වාර්තා අතරට

ගෙවී යන මෙම ජුලි මාසය ලෝකයේ උණුසුම්ම මාසය බවට ස්ථිර වශයෙන්ම සඳහන් කළ හැකි බව කාලගුණ විද්‍යාඥයින් පවසනවා.

අද දක්වා මාසය කෙතරම් උණුසුම් වී ඇත්ද යන්න සඳහන් කළහොත් එය 2019 වාර්තාව දින කිහිපයක් තිබියදී බිඳ දැමීමට සමත්ව ඇති බවයි එම විද්‍යාඥයින් බී.බී.සී. පුවත් සේවයට සඳහන් කර ඇත්තේ.

මේ අතර ඇතැම් කාලගුණ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ පසුගිය වසර 120,000 තුළ මෙම වසරේ ජූලි මාසය උණුසුම්ම මාසය විය හැකි බවයි. කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවයට අනුව ලෝකයේ උණුසුම්ම දිනය ගෙවුණු ජුලි 06 වන දිනට සටහන්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ ලෝකය වර්තමානයේ ගෝලීය වශයෙන් උණුසුම් වන යුගයකට ඇතුල් වන බවයි. එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් දේශගුණික විපර්යාස ‘පවත්නා තර්ජනයක්’ ලෙස විස්තර කර ඇති අතර තවදුරටත් දේශගුණික විපර්යාසවල බලපෑම කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි පවසන්නේ.