― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalදේශපාලන සූදු කෙළිය දැන්වත් නවතන්න - ඩලස්

දේශපාලන සූදු කෙළිය දැන්වත් නවතන්න – ඩලස්

සර්ව පාක්ෂික සමුළුවේදී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්නට යැයි පවසමින් ජනාධිපතිවරයා තම දේශපාලන වැඩපිළිවෙළට විපක්ෂයේ මුද්‍රාව තබා ගැනීමට ගත් උත්සාහය පූර්ණ වශයෙන් අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (28) නිදහස ජනතා සභාවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

පළාත් පාලන ඡන්දය අනීතිකව කල් දමමින් බලය බෙදීමේ ආකෘතිය වූ පළාත් සභාද අක්‍රිය කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවයි ඔහු එහිදී සඳහන් කළේ.

සර්ව පාක්ෂික සමුළුවක් නොපැවැත්විය යුත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා ලෝකයටම පෙන්නූ බවත් සඳහන් මන්ත්‍රීවරයා ඉතිහාසය පුරාම සිදු වූ දේශපාලන සූදු කෙළිය දැන්වත් නතර කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

මෙම සර්ව සර්වපාක්ෂික සමුළුව සැබෑ චිත්‍රය ජනතාව නොදුටු බවත් ජනතාව දුටුවේ සංස්කරණය කරන ලද කොටස් පමණක් බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ එහි ඇත්ත කතාව එය නොවන බවත් මෙය අසාර්ථක සමුළුවක් බවත්ය.