29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවළ දැමු පඬු කරඳ ශාක කොටස් මහේස්ත්‍රාත් අධික්ෂණය යටතේ ගොඩ ගනී

වළ දැමු පඬු කරඳ ශාක කොටස් මහේස්ත්‍රාත් අධික්ෂණය යටතේ ගොඩ ගනී

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ වළ දමා තිබූ (crudia zeylanica) පඬු කරඳ ශාකයේ කොටස් අද (28) ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ගොඩ ගනු ලැබුවා.

ගොඩ ගනු ලැබූ ශාක කොටස් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානය වෙත රැගෙන ගිය අතර එම උද්‍යාන භූමියේ දී ශාකයේ කඳ කොටස රෝපණය කෙරුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගොඩගත් මෙම ශාකය නැවත රෝපණය කිරීමට හැකියාවක් තිබේ ද යන්න සොයා බැලීමට ශාකයේ සාම්පල ලබා ගන්නා බව උද්භිත උද්‍යානයේ අධ්‍යක්ෂිකා අචලා අත්තනායක මහත්මිය වැඩ බලන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම ශාකය පඬු කරඳ ශාකය ද යන්න නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා ගොඩගත් ශාක කොටස්වල සාම්පල දැව සංස්ථාව විසින් ලබා ගැනීමට ද නියමිතයි.

වළ දමා තිබූ පඬු කරඳ ශාකය ගොඩගැනීමේ අවස්ථාවට ගම්පහ දිසා වන කාර්යාලයේ නිලධාරීන්, අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙන්ම නීතිඥවරුන් ද එක්ව සිටියා.