― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසංචාරක පැමිණීම සියයට 205 %කින් ඉහළට - මාස හයකින් අද්විතීය වාර්තාවක්

සංචාරක පැමිණීම සියයට 205 %කින් ඉහළට – මාස හයකින් අද්විතීය වාර්තාවක්

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවිධ අභියෝග වලට මුහුණපාමින් වුවද සංචාරකයින්ගේ පැමිණීමේ ප්‍රමාණය පසුගිය වසරට වඩා මේ වසරේ පළමු කාර්තු දෙක තුල ඉක්මවා තිබේ. මෙම සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය හේතුකොටගෙන ලංකාව අත් කර ගෙන ඇත්තේ විශාල ජයග්‍රහණයකි.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව මෙම වසරේ ජූලි මාසයේ පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 123,503ක් වන අතර පසුගිය වසරේ ජූලි මාසය වන විට සංචාරකයින් පැමිණ ඇත්තේ 47,293කි.

කෙසේ වෙතත් මෙම වාර්තා අනුව වැඩිදුරටත් සදහන් වන්නේ ගිය වසරට සාපේක්ෂව මෙම වසර තුල සංචාරකයින්ගේ පැමිණීම 205.5%කින් ඉහල ගොස් ඇති බවත්, ගිය වසරේ සෑම මසකටම වඩා මෙම වසරේ සංචාරකයින්ගේ පැමිණීම 11% සිට 205.5% දක්වා ඉහල ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකාව මීට වසරකට පෙර මුහුණපාමින් සිටියේ මෙතෙක් කලකට නිර්මාණය වූ දරුණුතම  ආර්ථික බංකොළොත්බවට ය. 2019 වර්ෂයේ ලාංකිකයන්ට මුහුණපෑමට සිදුවූ කෲර පාස්කු ප්‍රහාරය හා වසංගත වසර දෙක යනු ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයට දැඩි පහරක් එල්ල කළ උණ්ඩයන් ත්‍රිත්වය වේ.

එවන් තත්ත්වයක් තුළ සංචාරක කර්මාන්තයෙන් මේ අන්දමින් හිස එසවීම සුවිශේෂී තත්ත්වයක් වන අතර මෙය සංචාරක කර්මාන්තය නැවත නඟා සිටුවීම උදෙසා ගත් ක්‍රමෝපායික සැලසුම්වල ප්‍රතිඵලයක් බව විශ්ලේෂකයන්ගේ අදහසයි.