28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසිංගප්පූරුවේදී කාන්තාවකට මරණ දණ්ඩනය

සිංගප්පූරුවේදී කාන්තාවකට මරණ දණ්ඩනය

සිංගප්පූරු රජය විසින් හෙරොයින් ප්‍රවාහනය කිරීමට තැත් කළ කාන්තාවක් එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

හෙරොයින් අවුන්සයක් ප්‍රවාහනය කිරීමට තැත් කළ කාන්තවකයි මෙලෙස එල්ලා මරා දමා ඇත්තේ.

මෙලෙස මරණයට ලක්ව ඇත්තේ 45 හැවිරිදි සිංගප්පූරු ජාතික කාන්තාවක් වන Saridewi Djamani නම් කාන්තාවකි.

අද (28) දිනයේදී චැංගි බන්ධනාගාරයේදී ඇය ඝාතනය කර ඇති බව මධ්‍යම මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (CNB) එල්ලා මරා දැමීමෙන් පැය කිහිපයකට පසු නිකුත් කළ නිවේදනයකද දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 31ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වීමෙන් අනතුරුව ඇයට මරණීය දණ්ඩනය නියම වූ අතර සිංගප්පූරුවේදී එල්ලා මරා දමන ලද පළමු කාන්තාව වන්නේද ඇයයි.

සිංගප්පූරුව තුළ ග්‍රෑම් 15ට වැඩි ඕනෑම මත්ද්‍රව්‍යයක් ප්‍රවාහනය කිරීම හෝ ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනයට අවසර දෙන වරදකි.