27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකැබිතිගොල්ලෑවේ මනුෂ්‍ය ඝාතනයක්

කැබිතිගොල්ලෑවේ මනුෂ්‍ය ඝාතනයක්

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ ගලවැව ප්‍රදේශයේ දී උදැල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 64 හැවිරිදි වියේ පසු වූ කටුවලගාලේවැව, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මෙම පුද්ගලයා නිවස ආසන්නයේ පිහිටි වී මෝලක රැඳී සිට ඇති අතර, එම අවස්ථාවේ ඒ ස්ථානයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් උදැල්ලකින් මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකර ඇති අතර, අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (28) මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම පහරදීමට සම්බන්ධ පුද්ගලයින්ගේ බවට සැකකෙරෙන ජංගම දුරකථන දෙකක් ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (29) දින අනුරාධපුර රෝහල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.