තම පියා විසින් එල්ල කරන ලද පිහි පහරක් හේතුවෙන් තුවාල ලැබූ කුඩා දරුවෙක් ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව කොබෙයිගනේ පොලීසිය පවසනවා.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ බොරළුවැව, රත්මල්ගස්වැව ප්රදේශයේ පදිංචිව සිටි ලහිරු අංජන නැමැති අවුරුදු 10ක දරුවෙක්.
ඊයේ (28) රාත්රියේ නිවසේ ඇතිවූ ගැටුමක් අතරතුර මෙම දරුවාට පිහි පහර එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර පියා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, කොබෙයිගනේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදුකරනු ලබනවා.