27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිරිඳ මරා පුතා සමඟ එක්ව වළ දාලා – නිර්නාමික ඔත්තුවකට දෙදෙනාම අත්අඩංගුවට

බිරිඳ මරා පුතා සමඟ එක්ව වළ දාලා – නිර්නාමික ඔත්තුවකට දෙදෙනාම අත්අඩංගුවට

රිදීමාලියද්ද, යකඩහල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කර ඇයගේ සිරුර ගෙවත්තේ වළ දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම කාන්තාවගේ සැමියා සහ වැඩිමල් පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිදීමාලියද්ද පොලීසිය විසින් ඊයේ (28) මෙම සැකකාර සැමියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනය කර වළදමා ඇත්තේ ඩබ්ලිව්.එම්. සෝමාවතී නමැති 50 හැවිරිදි කාන්තාවක්.

2021 වසරේ දිනක මම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති ආරවුලක දී පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, අනතුරුව සැකකාර සැමියා සහ පුත්‍රයා එක්ව එම සිරුර ගෙවත්තේ වළ දමා තිබෙනවා.

පොලිසිය ලද නිර්නාමික පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයක දී මෙම සැකකාර සැමියා සහ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් 70 සහ 26 හැවිරිදි වයස්වල පසුවන්නන්.

සැකකරුවන් දෙදෙනා හෙට (30) දින මහියංගනය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ලබන සඳුදා දිනයේ දී වළදැමූ කියන මෘත ශරීරය ගොඩගැනීමට නියමිත බව රිදීමාලියද්ද පොලීසිය සඳහන් කළා.