31.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළමා නිවාසයේ ගැහැනු ළමයින් 09 දෙනකුට හදි කළ අයෙක් වස බොයි

ළමා නිවාසයේ ගැහැනු ළමයින් 09 දෙනකුට හදි කළ අයෙක් වස බොයි

අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ ගැහැනු ළමයින් 09 දෙනකු අපයෝජනය කළේ යැයි කියන පුද්ගලයෙකු වස පානය කර ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

වයස අවුරුදු 45ක් වන විවාහක පුද්ගලයෙක් වන ඔහු මෙසේ දරුවන් ලිංගික අපයෝජනයට ලක් කර ඇත්තේ යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් බව වාර්තා වේ.

එමෙන්ම අපයෝජන සිදුවීමට අදාළව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් විභාග කෙරෙන නඩු 9ක ප්‍රධාන විත්තිකරු ද ඔහු වේ.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ එම නඩු 9ට අමතරව තවත් විවිධ අපරාධ චෝදනාවලට සම්බන්ධ නඩු 5ක් පවතින බවයි.