28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅනුරාධපුර පූජා භූමියේදී රන්මාල කොල්ලකෑ කතුන් 9ක් අල්ලයි

අනුරාධපුර පූජා භූමියේදී රන්මාල කොල්ලකෑ කතුන් 9ක් අල්ලයි

අනුරාධපුර පූජා භූමියේදී රන්මාල කොල්ලකෑමේ සිද්ධීන්ට අදාළව කාන්තාවන් 9 දෙනෙකු සැකපිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 50 ඉක්මවූ කාන්තාවන් තුන්දෙනෙකුගේ රන් මාල මෙම කාන්තාවන් විසින් කොල්ලා කා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒවායේ වටිනාකම ලක්ෂ 7 කට අධික වන අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පූජා භූමියේ පැවති දන්සැල් පෝලිමක රැඳී සිටින අතරතුරදී සහ ආගමික කටයුතුවල නිරත වන සිටින අතරතුරදියි මෙලෙස රන් මාල පැහැරගෙන තිබුණේ.