― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඇමති හරීන්ගෙන් අනාවැකියක්

ඇමති හරීන්ගෙන් අනාවැකියක්

එළඹෙන සැප්තැම්බර් මාසය වන විට එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත වෙනසක් සිදුවන බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමිනුයි ඔහු අද මෙම අදහස් පළ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා විසිනුයි මෙය සංවිධානය කර තිබුණේ.

සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වෙන පක්ෂයේ දැවැන්ත සමුලුවේදී නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළා.

එම සමුලුවෙන් පසු 2048 දක්වා ශ්‍රී ලංකාව ගොඩනගනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව ඔප්පු කර පෙන්වන බවයි හරින් ප්‍රනාන්දු මහතා කියාසිටියේ.

මෙම අවස්ථාව ද මගහැර ගතහොත් යළි අවස්ථාවක් නොලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන බව ප්‍රකාශ කිරීමත් සමග සමගි ජන බලවේගය පක්ෂය තුළ කිසිවෙකු ඉතිරි නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජනාධිපතිවරණයට තරග කිරීමට කිසිවෙකු නොමැති අතර තවත් වසර 5ක් රට පාලනය කිරීමෙන් අනතුරුව ඔහු විශ්‍රාම ගනු ඇති බවයි අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේ.