කිලිනොච්චියේ පදිංචි ගුරුවරියකගේ දෑත් දෙපා ගැටගසා ඇය සතු රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමින් යුතු දේපළ සොරාගත් කණ්ඩායම
සොයා කිලිනොච්චිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්රදේශයේ පදිංචි ගුරුවරියගෙ නිවසට පැමිණි එම පුද්ගලයන් නිවස තුළ වූ රන් භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව
නිවස ඉදිරිපිට තිබූ ඇයගේ යතුරුපැදිය ද රැගෙන පලාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
ප්රදේශයේ ඇති සිසිටීවි කැමරා නිරීක්ෂණය කරමින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් සිදුකරන බව කිලිනොච්චිය පොලිසිය
අප කළ විමසීමක දී පැවසුවේ.