26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝල්ෆේස් කෑම කඩ වෙළෙඳුන් නියාමනයට සැරසෙයි

ගෝල්ෆේස් කෑම කඩ වෙළෙඳුන් නියාමනයට සැරසෙයි

ගාලු මුවදොර ආශ්‍රිතව ආහාර පාන අලෙවිය සිදුකරන වෙළෙඳුන් නියාමනය සඳහා පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාව පවසනවා.

ඒ, අනුව ඉදිරියේ දී කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි වෙළෙඳුන්ට පමණක් ගාලු මුවදොර ආශ්‍රිතව වෙළෙඳාම් කිරීමට අවසර ලබාදෙන බවයි කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

එහි අලෙවිකරනු ලබන ආහාර පානවල පිරිසිදුතාවය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉදිරිපත් වෙන ජනතා පැමිණිලි සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර, ගාලු මුවදොර ආශ්‍රිත වෙළෙඳාමේ නිරත වෙළෙඳුන්ට හෙට (01) දිනයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.