27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩිෆෙන්ඩරයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

ඩිෆෙන්ඩරයක් යතුරුපැදියක ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

ඊයේ රාත්‍රී කිරිඇල්ල ඉඩම්ගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පානදුර දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක සහ යතුරුපැදියක ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

මෙම අනතුරින් ඩිෆෙන්ඩර් රථයේ රියදුරා මෝටර් රථයේ ගමන් කළ රියදුරා ඔහුගේ බිරිඳ මෙන්ම අවුරුදු 3ක කුඩා දරුවා සහ යතුරුපැදිකරු සහ ඔහුගේ බිරිඳ තුවාල ලබා කිරිඇල්ල රෝහලට ඇතුලත් කෙරුණා.

තුවාලකරුවන් රෝහලට ඇතුලත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා තිබෙනවා.

මියගොස් ඇත්තේ කිරිඇල්ල ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරට අදාළව ඩිෆෙන්ඩර් රථය පැදවූ 24 හැවිරිදි රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් භාරයේ රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මියගිය යතුරුපැදිකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

කිරිඇල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන්නේ.