27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැණික් ගල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මැණික් ගල් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මැණික් ගල් තොගයක් සන්තකයෙ තබා ගෙන සිටි සැකකරුවකු ඔප දමන හා ඔබ නොදමන මැණීක් ගල් තොගයක් සමග  අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල පදිංචි 29 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරු 29 දින සවස මුන්දලම කිරීයන්කල්ලිය ප්‍රදේශයෙ සැකකටයුතු අයුරින් මෝටර් රථයකින් සැරි සරමින් සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් මැණීක් ගල් තොගයෙ ග්‍රෑම්ස් 980 ක් බරින් යුත් ඔප දමන හා නොදමන මැණීක් ගල් තිබු බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදි අලේවි කිරීම සදහා මෙම මැණික් ගල් තොගය රැගෙන ආ බව පවසා තිබේ.

නමුත් අදාල සැකකරු රැගෙන ආ මැණීක් බවට පවසන පාෂාණ සැබවින්ම මැණීක්ද නොමැති නම් කිසිවකු රවටා මුදල් ලබා ගැනිමේ ජාවාරමක් සිදු කිරිමට රැගෙන ආවද යන්න පිළිබදව පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කියයි.