27.8 C
Colombo
Saturday, August 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකාවට ආධාර දෙන්න - ඉන්දියාවෙන් චීනයට ඇරයුමක්

ශ්‍රී ලංකාවට ආධාර දෙන්න – ඉන්දියාවෙන් චීනයට ඇරයුමක්

ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර සැපයීම සඳහා ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සමඟ එක්වන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් චීනයට ආරාධනා කර තිබෙනවා.

ණය අවදානම් සමඟ පොරබදමින් සිටින රටවල් සඳහා සහන පියවර වේගවත් කරන ලෙසටයි ඇය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇත්තේ.

දුෂ්කර ආර්ථිකයන් සඳහා බහුපාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ සහ ණය සහන ක්‍රියාමාර්ගවල වැදගත්කම ද අමාත්‍යවරිය අවධාරණය කරනු ලැබුවා.

ඉන්දියාව G-20 සභාපති ධුරය භාර ගන්නා විට, මෙම පියවර ප්‍රමුඛතා අතරට පත්ව තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මෙම ගැටළු විසඳීම සඳහා IMF සහ ලෝක බැංකු ව්‍යුහවල සීමාවන් තුළ සහ ඉන් පිටත පුළුල්, කාර්යක්ෂම ප්‍රවේශයක් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.