31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News18 හැවිරිදි සිසුවෙක් පැහැරගෙන ගොස් රන් මාලය කොල්ල කයි

18 හැවිරිදි සිසුවෙක් පැහැරගෙන ගොස් රන් මාලය කොල්ල කයි

බුලත්සිංහල නගරයේ බස් නැවතුම්පොළේ සිටි 18 හැවිරිදි සිසුවෙකු පැහැරගෙන ගොස් ඇඳ සිටි කමිසය ගලවා දෑත් බැඳ ඔහු ගෙළ පැළඳ සිටි රන් මාලය කොල්ල කා පළා ගොස් ඇති බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

මෙම සිසුවා ඊයේ (29) සවස අමතර පන්ති නිමව නිවස කරා යෑමට බස්නැවතුමේ රැඳී සිටියදී මෙම සිදුවීමට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් “අපි වලානේ යුනිට් එකෙන් ” බව පවසමින් සිසුවාව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා යතුරුපැදියේ මැද නංවාගෙන දොඩම්ගොඩ ප්‍රදේශයේ පාළු රබර් වත්තකට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී සිසුවාගේ කමිසය ගලවා අත්දෙක බැඳ පැළඳ සිටි රන්මාලය කොල්ල කා සැකකරුවන් දෙදෙනා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස කොල්ල්ල කෑමට ලක්වූ සිසුවා බුලත්සිංහල, ගෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන අරඹා තිබෙනවා.