26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsCID වෙස්ගෙන නිවසකට හොරෙන් ඇතුළු වූ කොස්තාපල් අත්අඩංගුවට

CID වෙස්ගෙන නිවසකට හොරෙන් ඇතුළු වූ කොස්තාපල් අත්අඩංගුවට

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පවසමින් නිවසකට හොර රහසේ ඇතුළු වී සිටි කොස්තාපල්වරයෙකු හැටන් පොලිසිය
විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම නිවසේ සිටින උසස් පෙළ හදාරන සිසුවියගේ පාසලටද ගොස් ඇති මෙම කොස්තාපල්වරයා ඇයට නුවරඑළිය විශේෂ විමර්ශන අංශයට පැමිණි ලෙසට දුරකථන පණිවිඩයක් ද ලබා දී තිබෙනවා.

පසුව දුරකථන ඇමතුම් රාශියක් ඇයට ලබා දී තමා නිවසට හොර රහසේ පැමිණෙන ලෙසටත් ඒ සම්බන්ධව කිසිවකුට නොපවසන ලෙසටත් සිසුවිය වෙත පවසා තිබෙනවා.

පසුව සිසුවිය විසින් ඇයගේ මව දැනුවත් කර ඇති අතර ඇය විසින් හැටන් පොලිසියේ නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා නිවසට පැමිණි පසු අත්අඩංගුවට ගත් බව අප කළ විමසීමක දී පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා දිඹුලපතන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයකු බව විමර්ශන වලදී හෙළිවී ඇත.