28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගෝඨාට වැරදුණේ ජනතාව ඉල්ලුවේ නැති දේවල් දෙන්න ගිහින්

ගෝඨාට වැරදුණේ ජනතාව ඉල්ලුවේ නැති දේවල් දෙන්න ගිහින්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැරදුණේළඟ සිටි හතර පස්දෙනෙකු සමග තීන්දු ගන්න යෑමෙන් බවත් ජනතාව ඉල්ලන්නේ නැති දේවල් දෙන්න යන්න එපා යැයි තමන් ජනපති රනිල්ගෙන් ඉල්ලීමක් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අගලවත්ත ආසන බලමණ්ඩලයට එක්වෙමිනි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වරද්ද ගත්ත තැන් දෙකක් තියෙනවා. රටේ කිසි මනුස්සයෙක් ඉල්ලුවේ නෑ වැට් බද්ද, බදු අඩු කරන්න කියල. එයා මොකක්ද කළේ මිනිස්සු ඉල්ලුවෙ නැති දේවල් දෙන්න ගියා. එහෙම දෙන්න ගිහින් ඒක පැත්තකින් රටේ ආර්ථිකයට බලපෑවා. අනික් එක මිනිස්සු කාබනික පොහොර ඉල්ලුවේ නෑ. හැබැයි ගෝඨාභයගේ ළඟ හිටපු හතරදෙනෙක් කාබනික පොහොර අපිට ඕනේ කියල ඉල්ලුවා. මේ තිරණයෙන් මුළු රටේම ඉන්න ගොවියෝ ටික පාරට බැස්සා. මේවා සුබවාදී අත්දැකීම් නෙවෙයි. ඒක නිසා අපි ආණ්ඩුව රකින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි වත්මන් ජනපති රනිල්ට කියනවා ජනතාව ඉල්ලන්නෙ නැති දේවල් දෙන්න යන්න එපා. එහෙම වුනොත් ඔයාට වෙන්නෙත් ගොඨාභයට වෙච්ච දේම තමයි. ජනතාව දැන් ඉල්ලන්නේ ආර්ථිකයෙන් අපිව ගොඩගන්න, අපිව වැටිලා ඉන්න වලෙන් ගොඩ අරන් ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න කියලයි. ඒක නිසා ඔබතුමත් ගොඨාභය වගේඉ හතර පස්දෙනෙක් එක්ක තීන්දු ගන්න යන්න එපා.”