30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාතික ගීයෙන් උමාරා සමාජ මාධ්‍ය කලඹයි

ජාතික ගීයෙන් උමාරා සමාජ මාධ්‍ය කලඹයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියරේ සමාරම්භක උළෙල ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

මෙම උළෙලේදී ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව මෙරට ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශට හිමිව තිබුණා.

එහිදී උමාරා විසින් ජාතික ගීය ගායනයේ දී ‘නමෝ නමෝ මාතා’ කොටස වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කිරීම පිළිබඳව මේ වනවිට රට තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජාතික ගීයේ පද වෙනස්කර මෙලෙස ගායනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් සහ විවේචන එල්ල වී ඇති ආකාරය දැකගත හැකියි.

මේ අතර සමාජ මාධ්‍ය කැළඹී ඇති මෙම සිද්ධිය වෙනුවෙන් Mahatha යනුවෙන් හැෂ් ටැගයක්ද නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකියි.