26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජැෆ්නා කිංග්ස්ට ලකුණු 21ක ජයක්

ජැෆ්නා කිංග්ස්ට ලකුණු 21ක ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ (30) ආරම්භ විය. ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් අතරයි ඊයේ දිනයේදී තරගය පැවැත්වුණේ. එහිදී ලකුණු 21ක ජයක් ලබාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.

තරගයේ කාසිය වාසිය දිනූ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ පස්දෙනෙකු දැවී ලකුණු 173ක් රැස් කළේය.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ Towhid Hridoy පන්දු 39කට ලකුණු 54 ලබා ගත් අතර දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 25ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි කලම්බෝ ස්ට්‍රයිකර්ස් කන්ඩායමට පන්දුවර 19යි පන්දු 4කදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වුණේ ලකුණු 152ක් පමණි.

කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34කට ලකුණු 58ක් රැස් කළේය.