31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතව තවත් මෙරටට ජපන් රජයේ සහාය

තව තවත් මෙරටට ජපන් රජයේ සහාය

ශ්‍රී ලංකා සහ ජපානයේ වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ජපාන රාජ්‍ය අමාත්‍ය ෆුජිමරු සතෝෂි හා හිටපු ජපාන රාජ්‍ය අමාත්‍ය කෝසෝ යමමොටෝ යන මහත්වරුන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති එම සාකච්ඡාවට මෙරට ජපාන තානාපති මිෂු කොෂි හිදේකි මහතා ද එක්ව සිටියා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේ ප්‍රශස්ත මට්ටමේ වෘත්තීය පුහුණු අවස්ථා සහිත ජපන් අධ්‍යාපන ක්‍රමවේද මෙරට අධ්‍යාපන ක්‍රියාවලියට අනුරූපව අදාළ කරගැනීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බවයි.

ඒ සඳහා ජපාන රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

ජපන් ටෙක් ආයතනය හරහා මෙරට තරුණ ශ්‍රමිකයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමටත් ජපන් භාෂාව උගන්වන ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමටත් මෙහි දී ජපන් රාජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබෙනවා.

එමෙන්ම මෙරට සිසුන්ට හා ශ්‍රමිකයන්ට එරට අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.