23.9 C
Colombo
Friday, December 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැන් සීතාවක ඔඩිසි දුම්රිය සෙනසුරාදාටත්

දැන් සීතාවක ඔඩිසි දුම්රිය සෙනසුරාදාටත්

සීතාවක ඔඩිසි දුම්රිය ලබන සති අන්තයේ සිට සෙනසුරාදා දිනයේද ධාවනයට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පලාත් සංචාරක මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව ප්‍රවාහන අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දුන් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

සීතාවක ඔඩිසි දුම්රිය කොළඹ කොටුවේ සිට කැලණිවැලි මාර්ගයේ වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන අතර එය මේ දක්වා ධාවනය කෙරුණේ සෑම සති අන්තයකම ඉරිදා දිනයේ පමණි.

එය දුම්රිය ස්ථාන 14ක නතර කෙරෙන අතර ඒ සඳහා පැය 2යි විනාඩි 20ක කාලයක් ගත වේ.