― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනැගණියගේ මිතුරියට හදි කළ අයියා අත්අඩංගුවට

නැගණියගේ මිතුරියට හදි කළ අයියා අත්අඩංගුවට

වයස අවුරුදු 14 යි මාස 07ක බාල වයස්කාර පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහව පොලීසිය සදහන් කරනවා.

ඊයේ (30) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය – මහඅඹගස්වැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණයෙක්. අදාළ පාසල් සිසුවිය මීට මාසයකට පමණ පෙර මහව – කෝන්වැව ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට ගොස් ඇති අතර එම ගමනේදී ඇය කෝන්වැව පදිංචි මිතුරියකගේ නිවසකට ද ගොස් තිබෙනවා.

එහිදී මිතුරියගේ සහෝදරයා වන සැකකරු විසින් තමන්ට අතවරය කළ බවයි සිසුවිය පොලීසියට පවසා ඇත්තේ. සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නිකවැරටිය මූලික රෝහලට යොමු කර ඇති අතර සැකකරු මහව මහේස්ත්‍රාත් අධිකරණයට අද (31) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.