27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණට බංගී ජම්ප් ක්‍රීඩකයින් 10,000ක්

නෙළුම් කුළුණට බංගී ජම්ප් ක්‍රීඩකයින් 10,000ක්

සිංගප්පූරුවේ සුප්‍රකට විනෝදාස්වාද සමාගමක් වන Go Bungy සමාගම වාර්ෂිකව බංගී ජම්පර් 10,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කොළඹ නෙළුම් කුළුණ සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.

නෙළුම් කුළුණ කළමනාකාරීත්වයේ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

“බංගී කණ්ඩායම පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණියා. ලබන අගෝස්තු මාසය වන විට බංගි පැනීම ආරම්භ කරන්න අදහස් කළත් මෙහි අලුත්වැඩියා කටයුත්තක් නිසා එය කල් දාන්න සිදු වුණා. නමුත් මේ වසර අවසානයේ එය ආරම්භ කිරීමට නියමිතයි.

ඒ වගේම ඔවුන් වසරකට විදේශිකයන් 10,000 ක් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ලොව පුරා ජම්පර් 50,000 ක් පමණ ඔවුන් සතුයි. Bungee Japan, Bungee Nepal, Bungee Canada යන කණ්ඩායම් Go Bungy සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

2022 දී කොළඹ නෙළුම් කුලුන සහ සිංගප්පූරුව පදනම් කර ගත් Go Bungy ගිවිසුමක් අත්සන් කර ඇත්තේ 2023 ජනවාරි 1 වන දින මීටර් 350 ක් උස නෙළුම් කුලුනෙන් බංගී පැනීම ආරම්භ කිරීමට‍යි.”