30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවතින කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්

පවතින කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්

මේ මොහොතේ රටපුරා ලොකු වැසි දැනට බලාපොරොත්තු නොවිය හැකි බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ කරුණානායක පැවසීය.

ඔහු සඳහන් කළේ දැනට දැඩි නියඟය පවතින උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව පළාත් වලට සැලකිය යුතු වැසි බලාපොරොත්තු විය හැක්කේ ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බවයි

නිරිත දිග මෝසම් වැසි සමය ( මැයි- සැප්තැම්බර්) ආරම්භවී ඇතත් එම වැසිවල සැලකිය යුතු අඩුවක් පවතින බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එල්නිනෝ තත්වය ඇතුළු විවිධ කරුණු මීට බලපාන්නට ඇතැයිද ප්‍රකාශ කළේය. නිරිතදිග මෝසමෙන් වැසි ලැබෙන්නේ බස්නාහිර මාතර ගාල්ල සබරගමුව, නුවරඑළිය,කුරුණෑගල සහ පුත්තලම යනාදී ප්‍රදේශවලට බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සමහර ප්‍රදේශවලට සවස් කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.