― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපේරේ අධ්‍යයන කටයුතුවලට බාධා

පේරේ අධ්‍යයන කටයුතුවලට බාධා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදුකිරීම ගැටලු සහගත වී ඇති බව විශ්ව විද්‍යාලයීය අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එම විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙනුයි මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වී ඇත්තේ.

දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2022 ජනවාරි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාලයේ ආචාර්ය මහාචාර්යවරුන් 70කට අධික පිරිසක් රට හැරගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පැවසුවේ මෙවැන්නක්.

“මහාචාර්යවරුන්ගේ විදේශගත වීම සත්‍යයක්. මේ හේතුවෙන් වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යාපීඨය සහ දන්ත පීඨය යන පීඨවලට දැඩි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. 2022 ජනවාරි සිට මේ වසරේ මැයි දක්වා වූ මාස 16ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්යවරුන් 70 දෙනකු විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී විදේශගත වී සිටිනවා. තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටිනවා.”