27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාල වයස්කාර දැරියකට නොමනා වැඩක් කළ විහාරාධිපති හිමියන් රිමාන්ඩ්

බාල වයස්කාර දැරියකට නොමනා වැඩක් කළ විහාරාධිපති හිමියන් රිමාන්ඩ්

අවුරුදු අටක් වයසැති බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල 76 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ලබන 08 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (31) සවස නියෝග කළේය

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ යක්ගහ වලහන්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක 76 හැවිරිදි හිමිනමකි.

මෙම සැකකාර විහාරාධිපති හිමියන් විහාරස්ථනය අසළ පිහිටි නිවසක කුඩා දැරිය කාමරය තුලට කැඳවා දූෂණය කර ඇති අතර එය දුටු පුද්ගලයෙකු පොලිසියට දන්වා ඇත. ඒ සමගම ක්‍රියාත්මකවු පොලිසිය පැමිණ සැකකාර හිමියන් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරපත් කර ඇත.

එහිදි අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කර ඇත්තේ දැරිය දූෂණයට ලක්වි ඇති බවය.