32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ආලේපිත කඩදාසි සමඟ 02ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ආලේපිත කඩදාසි සමඟ 02ක් අත්අඩංගුවට

හෂීස් මත්ද්‍රව්‍ය ආලේප කරන ලද කඩදාසි ග්‍රෑම් 35ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් හෙට්ටිපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් කුලියාපිටිය ‘කරගහගෙදර සහ මගුලාගම’ දොරටියාගෙදර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිසිය පැවසුවේ මොවුන් වයස අවුරුදු 36 සහ 24 යන වයස්වල පසුවන්නන් බවයි. මගුලාගම, දොරටියාගෙදර ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් දෙදෙනෙකු කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කරමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය ආලේප කරන ලද කඩදාසි සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

හෙට්ටිපොල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.