31.7 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට නෝර්වේජියානු තානාපති කාර්යාලය අද සිට වැසෙයි

මෙරට නෝර්වේජියානු තානාපති කාර්යාලය අද සිට වැසෙයි

කොළඹ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලය අද (31) දිනයේ සිට වසාදමන බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යයේ ද්විපාර්ශ්වික සබඳතාවයේ වගකීම හෙට (01) දිනයේ සිට ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට පැවරෙන බවයි තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

විදෙස් රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ජාලයේ සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම් හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි නෝර්වේජියානු තානාපති කාර්යාලය මිට පෙර නිවේදනය කළේ.

ඒ අනුව බ්‍රැටිස්ලාවා (ස්ලෝවැකියාව), කොළඹ (ශ්‍රී ලංකාව) සහ ප්‍රිස්ටිනා (කොසෝවෝ) හි පිහිටි තානාපති කාර්යාල, මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ තානාපති කාර්යාලය සහ හූස්ටන් (ඇමරිකා එක්සත් ජනපදය) කොන්සල් ජනරාල් කාර්යාලය වසාදමන බව නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබුණා.