29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsයුරෝපයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් 05 ක් අල්ලයි

යුරෝපයට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් 05 ක් අල්ලයි

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර භාවිතා කරමින් යුරෝපය වෙත පැන යාමට තැත් කළ ද්‍රවිඩ ජාතික තරුණයන් 05 දෙනෙකු (31) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ගුවන් යානයට පිවිසෙන අවසාන ගේට්ටුවේ දී ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම තරුණයන් අතරින් එක් අයෙකු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ද්‍රවිඩ ජාතික තරුණයෙකි .

ඔහු ගුවන් තොටුපොළ සියලු නිශ්කාශන කටයුතු නිමා කර (31) දින අලුයම 04.55 ට කටාර් ගුවන් සේවයේ කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගොස් එතැනින් ඔස්ට්‍රියාව වෙත පිටත්ව යාම සදහා ගුවන් යානය වෙත පිවිසීමට අවසන් ගේට්ටුව වෙත පැමිණ තිබුණි .

එසේම තවත් යාපනය ප්‍රදේශයේ පදිංචි තරුණයන් සිව් දෙනෙකු (31) දින උදෑසන 07.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් මාළදිවයින මාලේ නුවර වෙත ගොස් එතැනින් ජර්මනිය බලා පළා යාමට සුදානමින් මෙම ගුවන් යානය වෙත පිවිසීමට අවසාන ගේට්ටුව වෙත පැමිණ තිබුණි .

එහෙත් මොවුන් ඉදිරිපත් කළ සියලු ලියකියවිලි අවසන් මොහොතේ යළි පරීක්ෂා කළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඔවුන් සතුව තිබූ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව අනාවරණය කර ගෙන තිබුණි .

ඉන්පසුව මෙම තරුණයන් අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , මොවුන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙත භාර දී තිබේ .