29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපන්දින සාදයට ගිනි තැබූ 05 දෙනෙක් අත්අඩංගුවට

උපන්දින සාදයට ගිනි තැබූ 05 දෙනෙක් අත්අඩංගුවට

පසුගිය 24 වනදා වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබූ සිද්ධියට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් 05 දෙනා ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත බවයි. වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, ඊට දින දෙකකට පසු ඇයගේ සැමියාද රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙහිදී තුවාල ලැබූ වයස අවුරදු 02ක පිරිමි දරුවෙක්, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙක්, අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

නිවසට ගිනි තැබීමට සහ එහි නිවැසියන්ට පහරදීමට, මුහුණු ආවරණය කරගත් දස දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ තිබූ බවයි අනාවරණය වුණේ. දීර්ඝ කාලයක් පැවති පෞද්ගලික ආරවුලක් මෙම අපරාධය සිදුකරන්නට හේතු වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මේ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.