― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපතිගේ අස්වැසුම යෝජනාවට කැබිනට් අනුමැතිය

ජනපතිගේ අස්වැසුම යෝජනාවට කැබිනට් අනුමැතිය

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන යටතේ කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට අදාළව වැඩපිළිවෙල සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ප්‍රතිලාභීන් වශයෙන් තෝරාගෙන ඇති එහෙත් ඉහළ කාණ්ඩයකට ඇතුළත් වීම සඳහා අභියාචනා ඉදිරිපත් කර ඇති ප්‍රතිලාභීන් 84374 දෙනකුට ඔවුන්ගේ අභියාචනා සමාලෝචනය කර අවසන් තීරණයක් ලබාදෙන ලෙස තෙක් ඔවුන් දැනට තේරී ඇති කාණ්ඩ යටතේ හිමි ප්‍රතිලාභ ගෙවීම, තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභීන් අතුරින් 119056 දෙනකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී ඇති අතර එම විරෝධතා සම්බන්ධයෙන් පවත්වනු ලබන සමාලෝචන ක්‍රියාවලිය අවසන් වන තෙක් ඔවුන්ට හිමි ප්‍රතිලාභ ගෙවීම,

වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති එහෙත් තෝරාගෙන නොමැති දැනට සමෘද්ධි ප්‍රතිලාභ භුක්ති විඳින 393097 දෙනකුට අස්වැසුම වැඩසටහන යටතේ අභියාචනා සහ විරෝධතා සමාලෝචන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන තෙක් ඔවුන්ට සමුර්ධි වැඩසටහන යටතේ ප්‍රතිලාභ ගෙවීම් කිරීම,

දැනට වකුගඩු රෝග ආධාර සහ ආබාධිත ආධාර ලබන ප්‍රතිලාභීන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරියටත් ගෙවීම් සිදුකිරීම සහ වැඩිහිටි ආධාර තැපැල් කාර්යාල මගින් තවදුරටත් ලබාදීම,

රැකබලා ගන්නා නිවාසවල හෝ ආගමික සිද්ධස්ථාන වල සිටින වකුගඩු රෝගයෙන් පෙළෙන ආබාධිත හෝ වයෝවෘද්ධ පුද්ගලයන් 11660 දෙනකු සඳහා අදාළ ප්‍රතිලාභ තවදුරටත් ගෙවන බවයි එම යෝජනාවේ සඳහන් වන්නේ.