28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportජස්ප්‍රිත් බුම්රා කලකට පසු යළිත් ඉන්දීය කණ්ඩායමට

ජස්ප්‍රිත් බුම්රා කලකට පසු යළිත් ඉන්දීය කණ්ඩායමට

වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා අයර්ලන්ත සමඟ විස්සයි විස්ස තරඟාවලියේ දී නැවතත් ඉන්දීය සංචිතයට කැඳවා තිබෙනවා.

ඔහු මෙම සංචිතයට කැඳවා ඇත්තේ ඉන්දීය කණ්ඩායම මෙහෙයවිමේ වගකීම ද භාරකරමින් වීම විශේෂත්වයක්.

පසුගිය වසරේ සැප්තැම්බරයේ ඔස්ට්‍රේලියාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියෙන් පසු බුම්රාට ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට එක්වීමට අවස්ථාව නොලැබුණේ පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

මෙම ආබාධයත් සමඟ ඔහු නවසීලන්තයේදී ශල්‍යකර්මයකට ද භාජනය වූ අතර, ඔහු පසුගිය මාස දෙකක කාලය තුළ බැංගලෝරයේ ජාතික ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවීම් සිදුකළා.

මේ අතර අයර්ලන්ත තරඟාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතය ඊයේ නම් කරනු ලැබුවා.