23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජාතික ගීය විකෘති කළාට CIDයෙනුත් විමර්ශනයක්

ජාතික ගීය විකෘති කළාට CIDයෙනුත් විමර්ශනයක්

ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇති බවයි.

පසුගියදා ආරම්භ වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය මෙසේ විකෘති කර ගායනා කර තිබූ අතර මේ සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝකද පෙරේදා (31) විමර්ශනයක් ආරම්භ කළේය.

එම විමර්ශනයේ වාර්තාව අගමැතිවරයාට නුදුරේදීම බාරදීමට නියමිතය.