30.6 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියනය පනියි

ජුනි මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියනය පනියි

ජුනි මාසයේ අපනයන ආදායම පිට පිට දෙවැනි මාසයටත් ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

පසුගිය මැයි මාසයේදීත් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධිකයි.

මහ බැංකුවේ දත්තවලට අනුව වසරේ මුල් මාස හය තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 5.9 කි.

කෙසේ වෙතත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අපනයන ආදායම පහත වැටීමක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

ඒ සමගම පසුගිය ජුනි මාසයේදී සංචාරක ක්ෂේත්‍රය හරහා ඩොලර් මිලියන 123ක ආදායමක් ලැබී තිබෙනවා. මෙය පසුගිය වසරට සාපේක්ෂව සියයට 173 ක වර්ධනයකි. මේ අතර වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ හරහා ඩොලර් මිලියන 2,823ක් ලැබී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කළේය.