23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතරුණයෙක් පැහැරගත් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

තරුණයෙක් පැහැරගත් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

කැබ් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස රඳවාගෙන මරණීය තර්ජනය සිදු කළ බව කියන කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අවිස්සාවේල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පැහැරගැනීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් එම තිදෙනා අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධියට සම්බන්ධ කැබ් රථය රථයද මේ වනවිට පොලිසිය භාරයට ගෙන ඇති බවත්ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස 25, 26 වයස්වල පසුවන්නන් බවත් සැකකාරිය වයස අවුරුදු 50ක කාන්තාවක් බවත් පොලිසිය පවසයි.

පසුගිය 24 වැනිදා පුද්ගලික ආරවුලක් මුල් කරගෙන තරුණයෙකු කැබ් රථයකින් පැහැරගෙන ගොස් රඳවා තබාගෙන මරණීය තර්ජනය කළ බවට පොලීසියට ලද තොරතුරක් මතයි විමර්ශන අරඹා මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.