27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබාලි ගිහින් රන් පදක්කම් දිනූ ලාංකිකයින් දිවයිනට

බාලි ගිහින් රන් පදක්කම් දිනූ ලාංකිකයින් දිවයිනට

ඉන්දුනීසියාවේ පැවති 12 වැනි ‘බාලි අන්තර්ජාතික සංගීත තරගාවලියට’ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ජයග්‍රාහී කණ්ඩායම ඊයේ (31) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස දිවයිනට පැමිණියේ එම තරගාවලියේ රන් පදක්කම් 04ක් ද ජයග්‍රහණයකර වීම විශේෂත්වයක්. මෙම තරගාවලිය රටවල් 14ක කණ්ඩායම් 92ක තරගකරුවන් 4,000කගේ සහභාගීත්වයෙන් පසුගිය 25 වනදා සිට 29 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි අගනුවර දී පැවැත්වුණා.

මෙම කණ්ඩායම ඊයේ (31) රාත්‍රී 10.25ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට මලින්දෝ ගුවන් සේවයේ ඕ.ඩී 0297 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් පිළිගැනීමට මෙම කණ්ඩායම නියෝජනය කළ තරගකරුවන්ගේ දෙමාපියන් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.