29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරිජ්වේ රෝහලට එන්න බයවෙන්න එපා - වෛද්‍ය ජී. විජේසූරිය

රිජ්වේ රෝහලට එන්න බයවෙන්න එපා – වෛද්‍ය ජී. විජේසූරිය

පසුගිය සතියේදි වකගුඩු සැත්කමක් සිදු කිරීමෙන් අනතුරුව වයස අවුරුදු දෙකක දරුවකු මියයෑමේ සිදුවිම ඉස්මතු කරමින් ඇතැම් පිරිස් රෝහල පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.

ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකරනු ලබන සැත්කම් සම්බන්ධව ඇතැම් පිරිස් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත් එයට නොරැවටී දරුවන් රෝගි වූ විට රෝහලට රැගෙන එන ලෙසත් ඔහු මාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය සතියේදී මහත් ආන්දෝලනයට තුඩු දුන් වකගුඩු සැත්කම කළ දරුවාට අයත් සියලු පරීක්ෂණ සිදුකර ඇති බවත් දරුවා මියගොස් ඇත්තේ විෂබීජයක් ශරීරගත වීමෙන් බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.