28.4 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවවුනියාව බන්ධනාගාරය සති 02කට වැසෙයි

වවුනියාව බන්ධනාගාරය සති 02කට වැසෙයි

වවුනියාව බන්ධනාගාර රැඳවියන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගයක් හේතුවෙන් බන්ධනාගාරය දින 14කට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව වවුනියාව බන්ධනාගාරයේ රැඳවියන්යන්ට සිය ඥාතීන් හමුවීමට අවස්ථාව හිමි නොවන අතර රැඳවියන් නඩු කටයුතු වෙනුවෙන් රැගෙන යාම ද තාවකාලිකව නවතා දමා ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

රැඳවියන් අතර සරම්ප වැනි බෝවන රෝගී තත්ත්වයක් මේ වනවිට පැතිර යන බවටයි තොරතරු වාර්තා වුණේ. පවතින තත්ත්වය හමුවේ බන්ධනාගාර රැඳවියන්ගේ නඩු කටයුතු වෙනුවෙන් වෙනත් දින ලබාගැනීමට සිදුව ඇති බව ද සඳහන්.

මෙම බන්ධනාගාරය තුළ පවතින සීමිත ඉඩ පහසුකම් හේතුවෙන් රෝග ව්‍යාප්තිය ඉතා ඉක්මනින් සිදුවන බව බන්ධනාගාර නිලධාරීන් පැවසුවා.

වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ රැඳවියන්ට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට ද කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.