28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි කප්පාදුවක් ගැන රතු එළියක්

විදුලි කප්පාදුවක් ගැන රතු එළියක්

දිස්ත්‍රික්ක පහකට (05) පැය හතරක පමණ විදුලි කප්පාදුවක් ආරම්භ කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ සමනලවැව ජලාශයෙන් ගොවිතැන් සඳහා ජලය මුදා හැරීමට ආරම්භ කළහොත් එදින පටන් මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ගොවිතැනට ජලය නිකුත් කිරීමට හැකි වන්නේ ද දින හතරකට පහකට පමණක් බවත් එසේ කළහොත් ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙසේ පැය 4 ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවත්ය.