සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ට්විටර් පණිවුඩයක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.
එහි දෙවන ඉන්ධන තොගය හෙට (02) පැමිණීමට නියමිත බවත් ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවත් අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් නිවේදනයේ දැක්වේ.