― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය විධිමත් කෙරේ

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය විධිමත් කෙරේ

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය විධිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන්ගේ වගකීම් හා කාර්යභාරයන් ඇතුළත් කරමින් සකස් කළ ස්ථාවර කාර්ය වැඩපිළිවෙලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

හදිසි මරණ පරීක්ෂකවරුන් මෙන්ම ඔවුන්ගේ සේවාව ලබාගන්නා ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට විසදුම් ලබාදීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍යංශය විසින් මෙය සකස් කර ඇත.

මෙම නව වැඩපිළිවෙලට අනුව එම ගැටලු නිරවුල් කර වඩාත් කාර්යක්ෂම හා විධිමත් සේවාවක් සැළසීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.