27.2 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැටන් - කොළඹ මාර්ගයේ දරුණු බස් අනතුරක්

හැටන් – කොළඹ මාර්ගයේ දරුණු බස් අනතුරක්

කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීයාමෙන් අද (01) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, සිංහල විදුහල අසල දී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ පිරිස වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. එලෙස තුවාලකරුවන් 18 දෙනෙකු රෝහල් ගතකළ බවයි වටවල පොලිසිය සඳහන් කළේ.

අද (01) අලුයම 4.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 100 දෙනෙකු පමණ ගමන් කරමින් සිටි ඇති බව සඳහන්.