28.4 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියානු රුපියල ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ඉන්දියානු රුපියල ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්

ඉන්දීය රුපියල සම්බන්ධයෙන් පවතින වැරදි තොරතුරු පැහැදිළි කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඉන්දීය රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන ඇතැම් වැරදි අර්ථකථන පැහැදිළි කිරීම මෙහි අරමුණ බවයි මහ බැංකුව සඳහන් කළේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙසට ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතින බවයි.

ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන රටක් වන බැවින් බැංකු ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙසට අනුමත කිරීම ඉන්දීය සංචාරකයන්ට පහසුවක් වන බව ද මහ බැංකුව පෙන්වාදී තිබෙනවා.